සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීම් දෙකකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මින් එක පිපිරීමක් මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරයේ ගේට්ටුව ඉදිරිපිට පුපුරාගොස් ඇති අතර, අනෙක් බෝම්බය එරට ජාතික බුද්ධි අංශ කාර්යාලය ආසන්නයේ පුපුරාගොස් තිබේ.
සෝමාලියානු බලධාරීන් පවසා සිටියේ මෙම ප්රහාරය දියත් කිරීමට පැමිණි ප්රහාරකයන් පස් දෙනෙකු වෙඩි තැබීමෙන් හෝ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබන සෝමාලි රජයට එරෙහිව සිටින අල් ෂබාබ් ඉස්ලාමීය ත්රස්තයන් මෙම ප්රහාරයේ වගකීම භාරගෙන තිබේ.
මාර්ග ආරක්ෂක මුර කපොල්ලකදී ප්රහාරකයන් රැගන් රථය නොනවත්වා ගමන් කිරීමත් සමග ප්රහාරය ආරම්භ වී තිබුණඅ අතර, මේ හේතුවෙන් ආරක්ෂක අංශ හා ත්රස්තයන් අතර වෙඩි හුවමාරුව ඇරඹී තිබේ.
ඒ අනුව, නවතා තිබූ මෝට්ර රථයක් මුලින්ම පුපුරුවා හැරීමට ත්රස්තයන් කටයුතු කර තිබේ.
අල් ෂබාබ් ත්රස්තයන් පවසා තිබුණේ ඔවුන්ගේ මූලික ඉලක්කය වී තිබුණේ ජාතික ආරක්ෂක බලකා මූලස්ථානය වෙත ප්රහාරයක් එල්ල කිරීම බවයි.