සෝමාලියාවේ ඉස්ලාමීය අල්-ෂබාබ් සටන්කාමීන් විසින් ගෙවීගිය වසර පහක කාලයක් තම පාලනයට නතුකර ගෙන සිටි කොර්යෝලේ නගරය සෝමාලි රජයේ හමුදාව සහ අප්‍රිකානු සංගමයේ හමුදාව විසින් යළි අත්පතර කරගත් බව වාර්තා වෙයි.
ඒ අනුව, මෙතෙක් නගරය තුළ පැවති දරුණු සටන් ක්‍රමයෙන් අඩුවී ගොස් පිටතින් ඇති ආසන්න ප්‍රදේශ වෙත සටන් පැතිර ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
අප්‍රිකානු සංගමයට අයත් උගන්ඩා හමුදාවන්ට යුධ ටැංකි සහ නියමුවන් රහිත ගුවන් යානා මගින් ප්‍රධාන වශයෙන්ම සහාය ලැබී ඇති බවත්, මේ හේතුවෙන් සටන්කාමීන්ට දැඩි හානි පැමිණවීමට හැකිවී ඇති බවත් වාර්තා වෙයි.
පසුගිය කාලය පුරාවට මෙහි සාමාන්‍ය වැසියන් කොර්යෝලේ නගරය අතහැර ඊට කිලෝමීටර 90ක් නිරිතදිගින් වූ සෝමාලියාවේ අගනගරය වන මොගඩිෂු වෙත පළාගොස් තිබූ නිසා සටන් අතරතුර සාමාන්‍ය වැසියන්ට ප්‍රබල හානියක් සිදුව නොතිබිණි.