සෝනි පික්චර්ස් වෙත ඔබාමා දෙහි කපයි
උතුරු කොරියාවෙන් එල්ල වන්නේ යැයි පැවසෙන සයිබර් ප්‍රහාරයකට බියවී තම චිත්‍රපටය හකුලා ගැනීමට සෝනි පික්චර්ස් කටයුතු කිරීම ඔවුන් විසින් සිදුකර ඇති බලවත් වරදක් බව ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පවසයි.
නත්තල් දිනයේදී එළිදැක්වීමට තිබූ ඉන්ටර්වීව් නමැති චිත්‍රපටය උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් උපහාසයට ලක්කර ඇති හස්‍යෝත්පාදක චිත්‍රපටයක් ලෙස සැලකෙයි.
සෝනි සමාගමේ සර්වරයන් වෙත උතුරු කොරියාවෙන් එල්ල වන සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මෙම තීරණයට ඔවුන් එළැඹි අතර, එය බියගුළු ක්‍රියාවක් බවට මතයක් ඇති විය.
සෝනි සමාගමට බලවත් හානියක් සිදුව තිබෙනවා. යැයි මාධ්‍ය අමතමින් ඔබාමා පැවසීය. ඔවුන්ගේ වෘත්තිකයන්ට එරෙහිවත් තර්ජන පැවතියා. ඔවුන් මුහුණදුන් තත්ත්වය ගැන මට කණගාටුයි.
නමුත්, මේ සියල්ල කියන අතරේ තවත් දෙයක් කිව යුතුයි. මම හිතන්නෙ ඔවුන් අතින් වරදක් සිදුවුණා.
මම හිතන්නෙ ඔවුන් මුලින් මට කතා කළා නම් හොඳයි.
එසේ වුණා නම් මම ඔවුන්ට කියන්නේ, මෙවැනි අපරාධවලට තැතිගෙන මේවා යලි ඇති වෙන්න පාර කපන්න එපා කියලයි.
මෙම සිදුවීම 2013 බොස්ටන් මැරතන් තරගයේ බෝම්බ පිපිරීම සමග සැසඳූ ඔබාමා, එම බෝම්බයෙන් මැතරන් තරගය අත්හිටුවීමක් සිදු නොවූ බව අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
