ඉන්දියානු හමුදා සෙබලුන් දෙදෙනෙකු කාෂ්මීරයේදී ඝාතනය වීම සම්බන්ධයෙන් පාකිස්ථානයෙන් පළිගත යුතු බවට ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.
සඳුදා දිනයේදී දේශසීමාවේදී සිදුවූ ගැටුම්වලදී මෙම ඝාතන පාකිස්තානය විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වුවත්, පාකිස්තාන හමුදා මෙය තරයේ ප්‍රතික්ෂේප කරයි.
නමුත්, ඉන්දියානුවන් මෙන්ම, ජීවිතක්ෂයට පත්වූ සොල්දාදුවන්ගේ පවුල්වල සාමජිකයන් පවසන්නේ පාකිස්තානයට පාඩමක් ඉගැන්විය යුතු බවයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් පියවරක් නොගැනීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙතද චෝදනා එල්ල වී තිබේ.