2018 සීත සෘතු ඔලිම්පික් ක්රීඩා උලෙළෙහි අවසන් උත්සවය සඳහා සහභාගී වීමට ඇමෙරිකානු ජනපති දියණිය වන ඉවන්කා ට්රම්ප් සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ප්යොන්ග්චැන්ග් නගරයේ පැවැත්වෙන මෙවර සීත සෘතු ඔලිම්පික් ක්රීඩා උලෙළ වෙනුවෙන් ඇමෙරිකාව නියෝජනය කරමින් පිටත්ව යන රාජතාන්ත්රික කණ්ඩායමේ නායකත්වය ඉවන්වා විසින් දරණු ඇති බව ධවල මන්දිරයද පවසා ඇත.
මීට පෙරත් ක්රීඩා උලෙළ කිහිපයක්ම නියෝජනය කරමින් සහභාගී වී ඇති ඉවන්කා, ඒවායෙහි අවසන් උත්සවය වෙනුවෙන්ද සිය දායකත්වය ලබා දී ඇති බව කියැවෙයි.
මේ අතර, ඇමෙරිකානු උප ජනපති මයික් ස්පෙන්ස් පවසා සිටියේ සීත සෘතු ඔලිම්පික් උලෙළට තමන් සහභාගී වන අවස්ථාවේදී උතුරු කොරියානුවෙකු සාකච්ඡාවට මුල පිරුවහොත් තමන් ඊට මුහුණදෙන බවයි.