සිඩ්නි නුවර, කොලරෝයි වෙරළ තීරයේ වූ අධි සුඛෝපභෝගී නිවාස රැසක් අයහපත් කාලගුණයත් සමග ඇති වූ දැවැන්ත රළ පහරට හසුවීම නිසා කඩා වැටීමේ අවදානමක පවතී.
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා හමාගිය කුණාටු සහිත කාලගුණය නිසා වෙරළ තීරයේ මීටර් 50ක් පමණ ඛාදනය වී ඇති බව කියැවෙයි.
මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තිදෙනෙකු තවමත් අතුරුදන්ව සිටියි.
මෙම අයහපත් කාලගුණය නිසා දැඩි පීඩාවකට පත් ටස්මේනියානු ප්‍රාන්තයේ පැවති ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ජල තීරයේ වූ ඩොලර් මිලියන ගණනක් වටිනා නිවාස මෙන්ම, දැනට ඉදිවෙමින් පවතින නිවාස ව්‍යාපෘති රැසක්ද මේ අයහපත් කාලගුණය නිසා දැඩි අවදානමකට පත්ව තිබේ.