ඉන්දුනීසියාවේ, සුමාත්‍රා දූපත්වලට ඔබ්බෙන් මුහුදේ ඇති වූ රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරක් එම දූපත් කලාපයට නොමැති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයත් සමග බොහෝ දෙනෙකු සිය ජීවිත ආරක්ෂාව පතා තම නිවෙස් අත්හැර වෙරළබඩ කලාපයෙන් ඉවත්ව යෑම නිසා එවැනි අනතුරක් නොමැති බව තහවුරු කර තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව සුමාත්‍රාවේ, බෙන්කූලු සිට කිලෝමීටර් 73ක් ඔබ්බෙන් මුහුදේ, කිලෝමීටර් 35ක් ගැඹුරින් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වී ඇත.
"මෙම භු කම්පනය ප්‍රබල භූ කම්පනයක් මෙන්ම, ගැඹුරින් ඇති වූ කම්පනයක් ලෙස සැලකිය හැකියි. මේ සමග ඇති වූ කම්පනය පැන්ඩැන්ග්, බටහිර සුමාත්‍රා ප්‍රදේශයටත් දැනී තිබුණා. කෙසේ වෙතත්, මෙමගින් සුනාමි අනතුරක් නොමැති බව සඳහන් කළ යුතුයි." ඉන්දුනීසියාවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල වූවන් පිළිබඳ වාර්තා වන්නේ දැයි බලධාරීන් අවධානය යොමුකර තිබේ.
පැසිෆික් භූ කම්පන වළල්ලේ පිහිටි ඉන්දුනීසියාව නිරන්තරයෙන් භූ කම්පනයන්ට මුහුණදීම සාමාන්‍ය සිදුවීමකි. 2004 වසරේ මෙම කලාපයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය කලාපයම එකම අමු සොහොනක් කළ බව බොහෝදෙනෙකුට අමතක නොවේ.