සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත SISI සටන්කාමීන් දිගින් දිගටම ඉරාකයේ නගර අත්පත් කරගෙන සිටින වාතාවරණයක සියලුම ෂියා මුස්ලිම්වරුන් අවි අතට ගෙන ඔවුන්ට එරෙහිව සටනට පිවිසෙන ලෙස ඉරාකයේ ප්රමුඛ පෙළේ ෂියා ආගමික නායකයෙකු විසින් ඇරයුමක් කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි මේ වනවිට ගැටුම් හේතුවෙන් මියගිය පිරිස සියයකටත් වැඩි බවයි.
එමෙන්ම, සටන්කාමීන් මොසූල් නගරයේ සාමාන්‍ය වැසියන් එල්ල මරා දැමෙන තත්ත්වයක් වාර්තා වන බවද කියැවෙයි.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කියා සිටියේ ඉරාකයේ අර්බුදය විසඳීමට හැකි සෑම අයුරකින්ම උපකාර කිරීමේ ක්‍රමවේද සොයමින් සිටින බවයි.