මැලේසියානු රජය මෙවර චන්ද්‍ර වර්ෂයේ ආරම්භය සනිටුහන් කරනු වස් සුනඛයෙකු මෙන් බුරා හැලෙන කුකුලෙකුගේ ඡායාරූපයක් සහිත සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කිරීම ගැන බොහෝ විවේචන එල්ල වී තිබේ.
චීන රාශි චක්‍රයට අනුව කුකුලාගේ වසර අවසන් වෙමින්, සුනඛයාගේ චන්ද්‍ර වර්ෂය ආරම්භය සිදුවන අවස්ථාව සංකේතවත් කිරීමට මෙම දැන්වීම පළ කර ඇති බව කියැවෙයි.
මැලේසියාවේ වෙළෙඳ අමාත්‍යාංශය විසින් සෞභාග්‍යමත් සුනඛයාගේ වර්ෂයක් ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම දැන්වීම පළ කළත්, එයි බුරන කුකුලෙක් සිටීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය පසුව සමාව ගෙන තිබුණේ තාක්ෂණික දෝෂයක් සිදුව ඇති බව පවසමිනි.
කෙසේ වෙතත්, මුස්ලිම්වරුන්ට අනුව සුනඛයා අපිරිසුදු සත්වයෙකු ලෙස සලකන බැවින් මෙය මැලේසියාව තුළ සිතාමතා සිදුකරන ලද දෙයක් යැයි යන මතයක්ද පවතී.