නිරිතදිග චීනයේ වාර්ෂිකව පැවැත්වෙන සුනඛ මස් අනුභව කිරීමේ උලෙළ අවසන් කිරීමේ අරමුණින් අත්සන් මිලියන 11ක පෙත්සමක් අත්සන් කිරීම ඇරඹී තිබේ.
සත්ව අයිතීන් වෙනුවෙන් ක්රියාකරන පිරිස් විසින් සංවිධානය කර ඇති මෙම පෙත්සම අත්සන් කිරීම සඳහා දන් සිටම ක්රියාත්මක වී ඇත්තේ චීනයේ යූලීන් නගරයේදී මෙම මස අවසානයේදී මෙම සුනඛ සංහාරය ඇරඹෙන බැවිනි.
චීනය තුළ සත්ව අයිතීන් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, විශේෂයෙන්ම මිනිසාගේ ළඟම හිතවතා ලෙස පැවසෙන සුනඛයන් දස දහස් ගණින් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම කිසිසේත්ම මිනිසත්බවට නොවටිනා බව ඔවුහු කියති.
ජුනි මස 21 වැනිදා සිට ආරම්භ වන මෙම වාර්ෂික උත්සවයේදී මිනිස් පරිභෝජනය වෙනුවෙන් සුනඛයන් දස දහස් ගණනක් ඉතා අමානුෂික ලෙස ඝාතනය වීම සිදුවෙයි.
වොෂිංටන් පෝස්ට් පුවත්පත පසුගියදා හෙළි කර තිබුණේ මිනිස් පරිභෝජනය වෙනුවෙන් ආසියාව පුරා වාර්ෂිකව සුනඛයන් මිලියන 30ක් පමණ මරා දැමෙන බවයි. මින් මිලියනයකට වඩා වැඩි පමාණයක් චීනය තුළදී ඝාතනය කෙරෙයි.