සුදු ලූනු ආහාරයට ගැනීමට පුරුදුව සිටින පුරුෂයන් වෙත කාන්තා පාර්ශ්වය වැඩිපුර ඇදී එන බව නවතම පර්යේෂණයකින් හෙළි වී ඇතැයි බී.බී.සී.ය කියයි.
සුදු ලූනු ආහාරයට ගන්නා පුරුෂයන් ආශ්‍රිතව ගලා එන දහදිය සුවඳට මෙසේ කාන්තාවන් ආකර්ෂණය වන බව එම පර්යේෂණය තවදුරටත් තහවුරු කර තිබේ.
කෙසේ වෙතත්, විද්‍යාඥයන් පවසන ආකාරයට සුදු ලූනු යන ප්‍රතිජීවකයකි. එමෙන්ම, ප්රතිවෛරසයකි. දිලීර මර්දනය ගුණයෙන් යුතුය. මේ තත්ත්වය තුළ සුදු ලූනු ආහාරයට ගන්නා පුරුෂයන් සෞඛ්‍ය සම්පන්න පුරුෂයන් ලෙස කාන්තාවන් විශ්වාස කරන බවද විද්‍යාඥයෝ පවසති.
සුදු ලූනු ආහාරයට ගන්නා අයගේ මුඛයෙන් දුර්ගන්ධයක් විහිදෙන බව පැවසුණත්, සැබවින්ම සුදු ලූනු ආහාරයට ගෙන බැලූ විට එහි සැබෑ වෙනස වටහා ගත හැකි යැයි බ්‍රිතාන්‍යයේ සුදු ලූනු වගාවක් පවත්වාගෙන යන ව්‍යාපාරික කාන්තාවක්ද බී.බී.සී.යට පවසා තිබේ.