මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් මෙවර මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් අබියස සිටින විරුද්ධ පක්ෂ නායිකා අවුන්ග් සාන් සුකී වෙත සුබපැතුම් එකතු කර ඇති බව බී.බී.සී.ය පවසයි.
මේ වනවිට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 40% ක පමණ අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, එහිදී 90% ක පැහැදිලි බහුතරයක් සුකී නියෝජනය කරන ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය ලබා තිබේ.
කෙසේ වෙතත්, පසුගිය ඉරිදා පැවති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලබාදීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවද කියැවෙයි.