2014 අප්‍රේල් මාසයේදී පුද්ගලයන් 304 දෙනෙකුට මරු කැඳවමින් දකුණු කොරියාවේ ජින්දෝ දූපත් ආශ්‍රිතව ගිලුණු සීවෝල් නෞකාවේ තිබී හමුවූ අස්ථ කොටස් සතුන්ගේ අස්ථි කොටස් බව තහවුරු වී තිබේ.
මෙම නෞකා අනතුරින් පුද්ගලයන් නව දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ගේ ඥාතීන් මෙම අතුරදන් වූවන් පිළිබඳව කිසියම්ම හෝ හෝඩුවාවක් බලාපොරොත්තුවෙන් පසුවූහ.
කෙසේ වෙතත්, පසුගිය සතියේදී මෙම නෞකාව වසර තුනකට පසුව මුහුදු පතුලෙන් ඔසවා, නෞකා වේදිකාවක රඳවා වරායක් වෙත රැගෙන විත් තිබුණි.
එහිදී, නෞකාවේ මගී කුටියක තිබී අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණු අතර, මෙම අස්ථි කොටස් පරීක්ෂා කළ විශේෂඥයන් පවසා සිටියේ ඒවා මිනිසුන්ගේ නොව, සතුන්ගේ අස්ථි කොටස් බවයි.
ඒ අනුව, මෙම නෞකා අනතුරින් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ඥාතීන් තුළ පැවති අවසන් බලාපොරොත්තුවද සුන්ව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාව මෙන්ම, සමස්ත ලෝකයම කම්පනයකට පත්කළ මෙම නෞකා අනතුරින් ජීවිතක්ෂයට පත්වූ වැඩිදෙනා එරට උසස් පාසලක නව යොවුන් වියේ සිසුන් පිරිසක් බව අනාවරණය කෙරිණි.