දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග් නගරයේ පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් ක්රීඩා උලෙළෙහි සමාප්ති උත්සවය සඳහා පැමිණෙන උතුරු කොරියානු හමුදා ජෙනරාල්වරයා ප්රමුඛ දූත පිරිසට විරෝධයක් එල්ල වී තිබේ.
ජෙනරාල් කිම් යොන්ග්-චෝල් 2010 වසරේදී දකුණු කොරියානු යුද නෞකාවක් ටෝපිඩෝ ප්රහාරයකින් විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා ලෙස චෝදනා එල්ල වුවත්, උතුරු කොරියාව එම චෝදනා ප්රතික්ෂේප කරයි.
එම යුද නෞකාව විනාශ වීමෙන් එහි සිටි නාවිකයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මේ තත්ත්වය තුළ විවාදයට තුඩුදී ඇති හමුදා ජෙනරාල්වරයා දකුණු කොරියාවට පැමිණීමට විරෝධය දක්වමින් මියගිය නාවිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ එරට කන්සර්වේටිව් පක්ෂයේ දේශපාලඥයන් එක්ව දෙරටේ දේශසීමා අසන්නයේදී විරෝධතාවක් දක්වා තිබුණි.
කෙසේ වෙතත්, ක්රීඩාව තුළින් දෙරට අතර සාමය පිළිබඳ දොරටු විවරව ඇති මොහොතක උතුරු කොරියානු දූත පිරිසේ පැමිණීමට එරෙහිව පැවති මෙම විරෝධතාවට වැඩි පිරිසක් සහභාගී නොවූ බවද කියැවෙයි.