2018 සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි නිමාව සනිටුහන් කරන අවසන් උත්සවයට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප් තවත් දූත පිරිසක් සමග දකුණු කොරියාවට පැමිණ තිබේ.
ධවල මන්දිරය පවසා සිටියේ ජනපති ට්‍රම්ප්ගෙන් මෙන්ම ඔලිම්පික් කමිටුවෙන් ලැබුණු ආරාධනයකට අනුව ඇය මෙම උත්සවය සඳහා සහභාගී වී ඇති බවයි.
ඉරිදා පැවැත්වීමට නියමිත උත්සවය සඳහා උතුරු කොරියාව නියෝජනය කරමින් එරට ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්රිකයෙකු වන ජෙනරාල් කිම් යොන්ග්-චොල්ද සහභාගී වීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙහිදී උතුරු කොරියානු නියෝජිතයන් සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර නිල හමුවක් නොපැවැත්වෙන බව දකුණු කොරියානු බලධාරීහු පවසති.
ඇමෙරිකානු දූත මණ්ඩලය සමග දකුණු කොරියාවේ පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි නිමාව සනිටුහන් කරන අවස්ථාවට සහභාගී වීම සඳහා ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකන්නේ යැයි ඉවන්කා ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුතු ඇමෙරිකානු දූත පිරිසට ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් ද සහභාගී වී ඇත.
මෙහිදී, ඉවන්කා දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් සමග අද රාත්රියේදී භෝජන සංග්‍රහයකටද සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.