සීත සෘතු ඔලිම්පික් ආ උ.කොරියාවට දකුණෙන් උණුසුම් පිළිගැනීමක්
දකුණු කොරියාවේදී ඇරඹෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි සමාරම්භක අවස්ථාවට පැමිණි උතුරු කොරියානු නායක කිම්-ජොන්ග් උන්ගේ සහෝදරිය සහ එරට නිල නොලත් නායක කිම් යොන්ග්-නැම් වෙත අතට අත දෙමින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගැනීමට දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් කටයුතු කර තිබේ.
මෙවර සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි සමාරම්භක අවස්ථාවේදී පැවැත්වෙන පෙළපාළියෙහි මෙම රටවල් දෙක එකම ධජයක් යටතේ ගමන් කිරීමද සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රීඩා උලෙළට සහභාගී වීම සඳහා ගොස් සිටින ඇමෙරිකානු උප ජනාධිපති මයික් ස්පෙන්ස් උතුරු කොරියානු නිල නොලත් නායක කිම් යොන්ග්-නැම් සමග මුහුණට මුහුණ හමුවීමට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මගහැර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඔහු සමග සුළු වේලාවක හමුවීමක් පමණක් පැවතියත් වැඩි වේලාවක් මුහුණට මුහුණ හමුවීම දෙපාර්ශ්වය විසින්ම මගහරිමින් සිටින බව යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන පිළිබඳ පසුගිය කාලය පුරාවට උණුසුම් වටපිටාවක් පැවති තත්ත්වයක සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වෙයි. එමෙන්ම, මෙම කාලසීමාවේදී උතුරු කොරියාව එරට දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත්වීමටද සූදානම් වෙයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී පැවැත්වෙන පෙළපාළිය ඔවුන් මෙවර ඉදිරියට ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි උණුසුම් වටපිටාවක් සීතල කිරීමට සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩාව මනා තෝතැන්නක් වනු ඇති බව ලෝක දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



