මධ්‍යධරණී වෙරළට ආසන්න සිරියානු කලාපයේ රජයේ පාලන ප්‍රදේශයක් වෙත IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එල්ල කළ කාර් බෝම්බ හා මරාගෙන මැරෙන බෝම්බ මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රජයේ දත්ත අනුව මිය ගිය ගණන සම්බන්ධයෙන් එසේ පැවසුණත්, එරට ක්‍රියාත්මක ස්වාධීන නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ මියගිය පිරිස 145ක් පමණ වන බවයි.
එහිදී, වරාය නගරයක් වූ ටොර්ටස් හි බස් නැවතුමක් ඉලක්ක කරමින් බෝම්බ හතරක් එල්ල වී තිබුණි.
එමෙන්ම, තවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් ජාතික රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිය බෝම්බය පුපුරුවාගෙන ඇත.