සිරියාවේ IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට එරෙහිව ප්රබල ගුවන් ප්රහාර මාලාවක් එල්ල කිරීම සඳහා රුසියාවට අයත් ප්රහාරක යානා ඉරාන ගුවන් හමුදා කඳවුරක් යොදාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ, මේ ආකාරයෙන් විදේශීය හමුදා මෙහෙයුමක් සඳහා ඉරාන ගුවන් හමුදා කඳවුරක් ලබාදීම වසර 40කින් පමණ පසුව සිදුව තිබීම බවද එම වාර්තා පෙන්වා දෙයි.
රුසියානු ආරක්ෂක අංශ පවසන පරිදි ඉරානයේ හමෙදාන් ගුවන් හමුදා කඳවුර මෙම ප්රහාර දියත් කිරීම සඳහා ඔවුන් යොදාගෙන ඇත.
එහිදී, රුසියාවේ දිගුදුර බෝම්බ හෙලීමේ නිරත Tupolev-22M3 යානා සහ Sukhoi-34 නමැති ප්රබල ප්රහාරක යානා හමෙදාන් ගුවන් හමුදා කඳවුරේ සිට මේ වනවිටත් ප්රහාර රැසක් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉලක්ක කරමින් එල්ල කර ඇත.
රුසියානු ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙම ප්රහාර සාර්ථක බවත්, ඉන් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.
මෙතෙක් සිරියාවේ ගුවන් හමුදා කඳවුරුවල සිට සිය මෙහෙයුම් දියත් කළ රුසියාව මේ වනවිට ඉරානයේ ගුවන් හමුදා කඳවුරුද යොදාගනිමින් ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ප්රහාර මාලාවට සමගාමීව සිය ප්රහාර මාලාව අඛණ්ඩව දියත් කරමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.