සති අන්තය පුරා සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පසුව යුද ගැටුම්වල තාවදකාලික විරාමයක් වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම සටන් විරාමය දින හතක කාලයක් පැවතුණහොත් ඇමෙරිකාව හා රුසියාව එක්ව IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නියමිතය.
මේ අතර, සිරියානු රජයේ රූපවාහිනියද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම සටන් විරාමය සිරියානු ජනපති බෂර් අල් අසාද් විසින් පිළිගෙන ඇති බවයි.
මාස කිහිපයක් පුරා ඇමෙරිකානු හා රුසියානු බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව සිකුරාදා දිනයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හා රුසියානු විදේශ අමාත්‍යවරයා මෙම එකඟත්වයට පැමිණ තිබුණි.
කෙසේ වෙතත්, සිරියානු සටන් මැද සිට කැරලිකාර කණ්ඩායම් විසින් මෙම සටන් විරාමය පිළිපදිනු ඇතිද යන්න පිළිබඳව ගැටලු පතින බවද කියැවෙයි.
කෙසේ වෙතත්, යම් ලෙසකින් මෙය ක්‍රියාත්මක වුවහොත්, එය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයට එල්ල වන ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බව විදෙස් නිරීක්ෂකයෝ පවසති.