සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 40ක් පමණ ජීවිතක්ෂයට පත්වීම රජය හා කැරලි හමුදා අතර සාම සාකච්ඡා බිඳ වැටීමට හේතුවිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
ඉඩ්ලිබ් පළාතේ, මරාට් අල්-නුමාන් හි එළවළු වෙළෙඳ පොළක් වෙත මෙම ගුවන් ප්රහාරය එල්ල වී ඇති බවත්, මෙය කැරලි හමුදා පාලනයේ පවතින ප්රදේශයක් බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය පසුගිය පෙබරවාරි 27 වැනිදා සිට ක්රියාත්මක වූ සටන් විරාමය අතරතුර එල්ල වූ ප්රබලතම ප්රහාරය බවද කියැවෙයි.
මුදාගැනීමේ කණ්ඩායම්වලට අනුව මරාට් නගරයට ගුවන් ප්රහාර එල්ල කරන අවස්ථාවේදී ඒ ආසන්න කෆර් නුබ්ල් නගරය වෙතද ගුවන් ප්රහාර එල්ල වී තිබේ. එම නගරයේද පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔවුහු පවසති.