සිරියාවේ ගැටුම් පවතින ප්‍රදේශ වෙත කඩිනම් සහන සැලසීමට හා සෞඛ්‍ය පහසුකම් සැලසීමට දින 30ක සටන් විරාමයක් සඳහා වූ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒකච්ඡන්දයෙන් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත්, මෙම සටන් විරාමය සඳහා සිරියාවේ ක්‍රියාත්මක ජිහාඩ් ත්‍රස්ත සංවිධාන සහ ඔවුන්ගේ අනුගාමිකයන් සෘජුව සම්බන්ධ නොවීම නිසා එය යථාර්ථයක් වනු ඇතිද යන්න පිළිබඳ ගැටලු පවතී.
නිව්යෝක් නගරයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමෙන් සුළු මොහොතකට පසුව සිරියාවේ ස්ථාන රැසකට ගුවන් ප්‍රහාර එල්ල වීම් පිළිබඳවද වාර්තා වී තිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ වෙනුවෙන් වූ ඡන්ද විමසීමට උත්සාහ කෙරුණත්, ඒ සඳහා එකඟත්වයකට පැමිණීමට නොහැකි වීමෙන් එය කල් යැවුණි.
සිරියානු රජයේ මිත්‍ර රාජ්‍යයක් වන රුසියාව මේ සඳහා කල් මැරූ බවට අනෙක් රටවල් චෝදනා කළත් රුසියාව එය ප්‍රතික්ෂේප කරයි.