IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත ග්රහණයෙහි වසර තුනකට ආසන්න කාලයක් පැවති නැගෙනහිර සිරියාවේ ඩිඅර් අල්-සූර් නගරය යළි අත්පත් කරගැනීම සඳහා සටන් වදින සිරියානු රජයේ හමුදා එම නගරය ආසන්නයටම පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
කාන්තාර ප්රදේශය හරහා වේගයෙන් නගරය වෙත ළඟා වූ හමුදා මේ වනවිට නගරයට කිලෝමීටර් 3ක් ඔබ්බෙන් බටහිර දෙසින් කඳවුරු බැඳ සිටින බවද විදෙස් වාර්තා පවසයි.
සිරියානු හමුදාවේ මෙම මෙහෙයුම සඳහා රුසියාවේ සහාය ලැබෙන අතර, රුසියානු ප්රහාරක යානාද මෙම ප්රහාරයට සම්බන්ධව සිටින බව සඳහන් වෙයි.
එමෙන්ම, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් එල්ල කරනලද මෝටර් ප්රහාරයකින් රුසියානු සොල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මේ දක්වා සිරියාවේ සටන්වලින් රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වෙයි.
ඩියර් අල්-සූර් නගරයේ කොටසක් සමග ඒ අවට ප්රදේශ මේ වනවිට ඉස්ලාම් රාජ්ය ත්රස්ත ග්රහණයේ පවතින අතර, ඔවුන් සිරියාව තුළ තමන්ට ඉතිරිව ඇති අවසන් බිම්කඩ කිහිපය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අරගලයක නිරතව සිටින බව කියැවෙයි.
මෙය ජිහාඩ් ත්රස්තයන් ග්රහණයට ගත් සිරියාවේ නගර අතරින් දැනට ඔවුන් සතුව ඇති එකම ප්රධාන නගරය වන අතර, ඇමෙරිකානු හා සිරියානු කුර්දි හමුදා එක්ව සිදුකළ ප්රහාරයෙන් ඔවුන්ට රක්ඛා නගරයේ බලයද අහිමි විය.