සිරියාවේ ඇලෙප්පෝ නගරයේ කැරලි හමුදාවන් ගැවසෙන ප්රදේශයක් වෙත එල්ල වූ ගුවන් ප්රහාර මාලාවක් නිසා පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
එහිදී, එක් ගුවන් ප්රහාරයක් නැගෙනහිර ෂාර් දිස්ත්රික්කයේ රෝහලක් වෙත එල්ල වී ඇති බව විදෙස් නිරීක්ෂකයෝ පවසති.
සුන්බුන් අතරින් මියගිය අයගේ සිරුරු ඉවතට ගන්නා ආකාරය හා බෝම්බ ප්රහාරයෙන් එම ප්රදේශය නටඹුන් බවට පත්ව ඇති ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක්ද ප්රසිද්ධ කර තිබුණි.
මෙම ප්රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණත්, මෙය රජයේ හමුදාව වෙත පැටවීමට බෂර් අල්-අසාද්ට එරෙහි පිරිස් කටයුතු කරන ආකාරයද දැකිය හැකිය.