වයඹදිග සිරියාවේ කැරලි හමුදා රැඳී සිටින ඉඩ්ලිබ් ප්රදේශය වෙත එල්ල වූ ගුවන් ප්රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බටහිරින් යොදවා ඇති නිරීක්ෂණ කණ්ඩායම්වලට අනුව මෙම ප්රහාරය රුසියානු ගුවන් යානා විසින් එල්ල කර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, රුසියාව මෙම චෝදනා තරයේ ප්රතික්ෂේප කරන අතර, ඔවුන් කිසිදු ආකාරයකින් මෙවැනි ප්රහාරයක් දියත් නොකළ බව අවධාරණය කරයි.
ඉඩ්ලිබ් නගරය මෙන්ම, පළාතද අල්-කයිඩාව හා සම්බන්ධ නුස්රා පෙරමුණේ බල කඳවුරක් ලෙස පිළිගැනෙයි.