යුද්ධයෙන් බැටකන සිරියාව වෙත තවත් මානුෂීය ආධාර ලබාදීම සඳහා වූ මාර්ග විවිර කරදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් ප්රධානී වැලේරි ආමෝස් ආරක්ෂක කවුන්සිලය වෙතින් බලවත් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිරියානු පාලනය මෙන්ම කැරලිකරුවන් යන දෙපාර්ශ්වය විසින්ම ඉතා දරුණු හා අදහාගත නොහැකි ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි.
පසුගිය දින කිහිපයේදී සිරියාවේ සටන් විරාමයක් ඇති කරමින් හෝම්ස් නගරයේ කොටු වූ ජනතාවගෙන් කොටසක් මුදවා ගැනීම සිදුවිය. කෙසේ වෙතත් මේ කාලය තුළදී පවා සිරියානු හමුදා කැරලිකරුවන්ගේ ප්රධාන නගර වෙත ප්රහාර එල්ල කර තිබුණි.