සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව සටන් වදින එරට සටන්කාමීන්ට අවශ්‍ය යුද පුහුණුව ලබාදීම සඳහා ඇමෙරිකානු විශේෂ බලකායේ සෙබලු 250ක් එරටට යවන බව ඔබාමා පවසයි.
මෙම හමුදා කණ්ඩය සිරියාව වෙත යැවීමත් සමග එරට තුළ යුද පුහුණුව ලබාදෙන ඇමෙරිකානු විශේෂ බලකා සෙබලු ප්‍රමාණය 300 දක්වා ඉහළ යනු ඇත.
ජර්මනියේ, හැනෝවර් නුවරදී ප්‍රකාශයක් සිදුකරමින් ඔබාමා පවසා සිටියේ මෙම සෙබලු සෘජුවම සටන් බිමට නොයන බවත්, ඔවුන් ඉස්ලාම් ත්රස්තයන්ට එරෙහිව සටන් වදින කණ්ඩායම් වෙත යුද පුහුණුව සැපයීම පමණක් සිදුකරන බවත්ය.
ඇමෙරිකාව විසින් සිරියාව වෙත ගොඩබිම් හමුදාවක් නොයවන බව පසුගිය සතියේදීද ඔබාමා යළිත් වරක් කියා සිටියේය.0