ඊසානදිග සිරියාවේ රජයේ හමුදාවන් වෙත අබ ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ක්රියාකොට ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඩෙයිර් අල්-සොවුර් ගුවන් හමුදා කඳවුර අත්පත් කරගැනීම සඳහා සටන් වැදී ඇති ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් මෙම අබ ගෑස් ප්රහාරය එල්ල කර ඇති බව කියැවෙයි.
මේ අතර, ත්රස්තයන්ගේ ප්රහාරයකට නතුවීමෙන් සිරියානු රජයේ ගුවන් හමුදා යානයක් කඩා වැටී ඇති බවත්, යානයේ නියමුවා ජීවග්රහණයෙන් අල්ලාගෙන ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.