ජිනීවා නුවරදී පැවත් වූ දෙවැනි වටයේ සාම සාකච්ඡා ප්රගතියක් නොලබා අවසන්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මැදිහත්කරු ලඛ්දාර් බ්රහීමී සිරියානු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.
අවසන් මොහොත දක්වාම දෙපර්ශ්වය සමග සාකච්ඡා කරමින් දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ලබාගැනීම වෙනුවෙන් බ්රහීමී විශාල ප්රයත්නයක් ගත්තද, සිරියානු ආණ්ඩුවේ නියෝජිතයන් සහ විපක්ෂයේ නියෝජිතයන් අතර පැවති එම සාකච්ඡාවල ප්රගතියක් නොලබමින්, තෙවැනිට වටය වෙනුවෙන්ද දිනයක් නියම නොවී ඇති බව වාර්තා වෙයි.
දෙපාර්ශ්වයම තමන්ගේ ස්ථාවරයන්හි එල්බ ගෙන සිටින අතර ගැටුම්කාරී තත්ත්වය නිමා කිරීම සඳහා 2012 වසරේදී ලෝක බලවතුන් ඉදිරිපත් කළ ලියවිල්ලක් පිළිබඳව තම තමන්ගේ අර්ථකථන ඉදිරිපත් කරමින් සිටින බවද පැවසෙයි.
එම ලියැවිල්ලෙන් මුලික වශයෙන් කියවෙන්නේ පූර්ණ විධායක බලතල සහිත අන්තර්වාර පරිපාලනයක් ස්ථාපිත කළ යුතු බවය. නමුත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් රජයේ පාර්ශ්වය කැමැත්තක් නොදැක්වූ බව බ්රහිමී පවසයි.
2011 මාර්තු මාසයේදී ඇරඹි සිරියානු ගැටුම මේ වනවිට ජීවිත 100,000ක් පමණ බිලිගෙන අවසන්ය.