සිරියාවේ උතුරුදිග ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මුස්ලිම් දේවස්ථානයක සිටි 42දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරුදිග, ඇලෙප්පෝ හි අල්ජිනේ ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසන අතර, මියගිය පිරිසෙන් වැඩිදෙනා සාමාන්‍ය වැසියන් බවද සඳහන් වෙයි.
විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල රුසියානු සහ සිරියානු ගුවන් හමුදා මෙහෙයුම් සිදුවන බැවින් මෙය සිරියානු ගුවන් හමුදා විසින් එල්ල කර ඇති බවට චෝදනා නැඟෙයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් හා වෙනත් ජිහාඩ් සංවිධාන ඉලක්ක කරමින් මෙවැනි ගුවන් ප්‍රහාර ඇමෙරිකාව විසින්ද එල්ල කිරීම සාමාන්‍යයෙන් සිදුවන අතර, ඔවුන් පවසා සිටියේ තමන් අල්කයිඩා සංවිධානය ඉලක්ක කරමින් ප්‍රහාරයක් කළත්, මුස්ලිම් දේවස්ථානයක සාමාන්‍ය වැසියන් ඉලක්ක කිරීමක් කිසිසේත්ම සිදු නොවූ බවයි.