සිරියානු රජයේ ගුවන් හමුදා විසින් ඩැමස්කස් නුවරට ඔබ්බෙන් සිරියානු කැරලි හමුදා වෙසෙන ගොවුටා ප්‍රදේශය වෙත හෙළන ලද බෝම්බ හේතුවෙන් සාමාන්‍ය වැසියන් රැසක් 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මියගිය පිරිස අතර දරුවන් 20 දෙනෙකු සිටින බවත්, සඳුදා දිනයේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලට අමතරව රොකට් ප්‍රහාර කිහිපයක්ද ප්‍රදේශය වෙත එල්ල වූ බව කියැවෙයි.
සිරියානු රජයේ හමුදා ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වන බව මෙම ප්‍රහාරවලින් කියා පාන්නේ යැයි නිරීක්ෂකයෝ පවසති.
2013 වසරේ සිට ප්රචාණ්ඩක්රියා පවතින නැගෙනහිර ගොවුටා ප්‍රදේශයේ ලක්ෂ 400,000ක පමණ පිරිසක් ජීවත්වන අතර ගැටුම් හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත රැසක් අහිමිව පවතින බව විදෙස් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.