සියෙරා ලියෝන් රාජ්‍යයේ ෆ්‍රීටවුන් අගනගරය වෙත බලපෑ දැඩි ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්වද්දී, ඔවුන්ගේ මළ සිරුරු තැන තැන ගොඩගැසීමෙන් වසංගත රෝග තත්ත්වයක් පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.
විශේෂයෙන්ම නගරය පුරා විසිරී ඇති මළ සිරුරු හේතුවෙන් මෙම වසංගත තත්ත්වයේ බලපෑම වැඩි නිසා, ඔවුන්ට හමුවන මළ සිරුරු හැකි ඉක්මණින් භූමදාන කිරීමට සැලසුම් කර ඇති බවද විදෙස් වාර්තා පවසිය.
දැනට හමුවී ඇති මළ සිරුරු සංඛ්‍යාව ෆ්‍රීටවුන් නගරයේ මෘත ශරීරාගාරයට දරාගත නොහැකි මට්ටමක පවතින බැවින්, ඥාතීන්ට මළ සිරුරු හඳුනාගැනීමට ලබාදී ඇති කාලය ශීඝ්‍රයෙන් අඩු කරමින් ඒවා කඩිනමින් භූමදාන කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි.
මේ අතර, නිවේදනයක් නිකුත් කර ඇති ජනාධිපති අර්නස්ට්ගේ කාර්යාලයද පවසා සිටියේ තම ඥාතීන් වෙතොත් හැකි ඉක්මණින් ෆ්‍රීටවුන් මෘත ශරීරාගාරය වෙත ගොස් ඔවුන් හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව, ඊයේ සහ අද දිනයේදී එම හමුවූ සිරුරු පූර්ණ ගෞරවාන්විත ආකාරයට භූමදාන කර තිබුණි.
මෙම මහා ඛේදවාචකය හේතුවෙන් මියගිය පිරිස 400 ඉක්මවන බව තහවුරු කරද්දී, ඉන් අතුරුදන් වූවන් 600ක් පමණ සිටින බවද අමතක නොකළ යුතුව ඇත.