සියරා ලියෝන් හි ෆ්‍රීටවුන් අගනුවරට බලපෑ නායයෑම් සහ ගංවතුර තත්ත්වයෙන් පසුව මඩ තට්ටු හා සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා සෝදිසි මෙහෙයුම් ලහි ලහියේ සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
සඳුදා උදෑසන කාලයේදී ෆ්‍රීටවුන් ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමග අසල වූ කඳු පන්තිය දරුණු නායයෑමකට ලක්වූ අතර, එම අවස්ථාවේදී බොහෝ දෙනා නිදි පැදුරේ සිටි බව කියවුණි.
මෙම දරුණු නායයෑම හා ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 300 ඉක්මවන බව පමණක් මේ වනවිට නිල වශයෙන් දැනුම්දී තිබේ.
සියෙරා ලියෝන් උප ජනාධිපති වික්ටර් ෆෝහ් පවසා සිටියේ මෙම අවාසනාවන්ත සිදුවීමෙහි මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම, ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ පිරිස 3,000ක් පමණ වන අතර, මෙම ඛේදවාචකයේ සමස්ත හානිය ගණනය කළ නොහැකි තරම් බවද විදෙස් වාර්තා පවසයි.