මේ මොහොතේ සියලු දෙනාටම තෝරාගැනීමක් සඳහා අවස්ථාවක් පැමිණ ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි බරැක් ඔබාමා පවසයි.
එහිදී, සියලු දෙනාට එක්ව සහයෝගයෙන් කටයුතු කළ හැකි මොඩලයක් සඳහා තෝරාගැනීමක් මෙන්ම, ලෝකයේ තියුණු බෙදී වෙන්වීමක් හා අවසානයක් නොදකින ගැටුමකට තෝරාගැනීමක්ද පවතින බව ඔබාමා පවසා සිටියේ 71 වැනි හා සිය අවසන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමිනි.
ආවේගශීලී ජාතිකත්වය මෙන්ම, රළු ජනතාවාදය කෙරෙහි ජනාතව තල්ලු කෙරෙන අසමානතාව වැනි කාරණා නොසලකාහැරිය නොහැකි බවද ඔබාමා මෙහිදී පවසා සිටියේය.
කෙසේ වෙතත්, මෙවැනි අදහස් හෝ දැක්මක් දීර්ඝ කාලීව සමෘධියක් හෝ ආරක්ෂාවක් ඇති කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බවද ඔබාමා කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම කතාව තුළ ඔබාමා ඇමෙරිකානු මැතිවරණ වේදිකාව සඳහා වක්රාකාරයෙන් ප්රචාරණයක්ද සිදුකරනු ලැබූ බවද එය හොඳින් විග්රහ කිරීමේදී පැහැදිලි වන කරුණකි. විශේෂයෙන්ම ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් ඔබාමාගේ කතාව තුළ පැහැදිලි සහයෝගයක් මෙන්ම, රිපබ්ලිකන් අපේක්ෂකත්වයට වක්රාකාරව පහර ගැසීමක්ද දැකිය හැකි විය.