ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාර්ය බහුල වීදියක පිහියක් අමෝරා සිටි පුද්ගලයෙකු වෙත පොලීසිය සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
වයස අවුරුදු 60ත් 80ත් අතර වයසේ පසුවන කාන්තාවන් තිදෙනෙකු මෙම පොලිස් වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා ඇති අතර, පොලීසිය වෙතට පිහිය අමෝරාගෙන පැමිණි මෙම පුද්ගලයාද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.
පොලීසිය පවසන පරිදි මෙසේ පිහියක් අමෝරා පැමිණි පුද්ගලය් 23 හැවිරිදි තරුණයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.
අසාමාන්‍ය ලෙස හැසිරුණු මෙම පුද්ගලයා පිළිබඳ පොලීසියට ලැබුණු තොරතුරු මත පොලීසිය එම ස්ථානය වෙත පැමිණ තිබුණි.