ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය වර්ෂ 1939 න් පසුව වාර්තා වන උපරිම උෂ්ණත්වයට අද (07දා) මුහුණදුන් බවත්, එම කලාපයේ උණුසුම සෙල්සියස් අංශක 47.3ක් ලෙස සටහන් වූ බවත් විදෙස් වාර්තා පවසයි.
සිඩ්නි නගරයට බටහිරින් වූ පෙන්රිත් නගරයේ ජනතාව මෙම උණුසුම් කාලගුණයෙන් දැඩි පීඩාවකට ලක්වූ බවද කියැවෙයි.
එමෙන්ම, දරුණු ලැව්ගිනි ඇතිවීමේ අවදානමක්ද මේ සමග ප්‍රකාශයට පත්කර ඇති අතර, නගරයේ ස්ථාන කිහිපයක ගිනි දැල්වීම් තහනම් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.
වසර 79කට පසුව වාර්තා වූ මේ උපරිම උෂ්ණත්වය දෙවැනි වී තිබුණේ වර්ෂ 1939 දී වාර්තා වී තිබුණු සෙල්සියස් අංශක 47.8ක උණුසුමට පමණි.
මෙම උණුසුම් කාලගුණය සිඩ්නි නගරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගවලටද බලපෑමක් කර තිබූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.