Aedesaegyptiනම් මදුරුවාගේ දෂ්ටනය නිසා බ්‍රසීලය පුරා පැතිර යන සිකා වෛරසය මිනිසුන් වෙත ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වෛරසයට ගරභිණී මවක ගොදුරු වුවහොත් ඇගේ කුසේ සිටින දරුවා ස්නායු ආබාධවලට ලක්ව මොළය සහ හිස කුඩා වීම වැනි තත්ත්වයන්ට පත්වන බවද සොයාගෙන තිබේ.
රෝගයට ගොදුරුවන පුද්ගලයන්ට දින කිහිපයක සිට සතියක් දක්වා යම් සංකූලතාවක් දක්වන බවත්, රෝග ලක්ෂණ අතර උණ, ලප දැමීම, සන්ධි වේදනාව ආදිය වෛද්‍යවරු දක්වා සිටිති.
කෙසේ වෙතත්, මෙම රෝගය මදුරුවන්ගෙන් බෝවන නිසා සිකා වෛරසය පාලනය වෙනුවෙන් ජාන වෙනස් කළ නිසරු තත්ත්වයේ පසුවන වෙනත් වඳ මදුරු විශේෂයක් හඳුන්වාදීමටද එරට රජය කටයුතු කරමින් සිටියි.