මදුරුවන් නිසා බෝවන සිකා වෛරසය හේතුවෙන් මේ වනවිට එම වෛරසය පැතිරෙන රටවල සංචාරය කිරීම සම්බන්ධයෙන් ගැබිණි මවුවරුන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මෙම වෛරසය හේතුවෙන් අලුත ඉපදෙන දරුවන්ගේ මොළය හා හිස් කබල ආශ්‍රිතව ඇති වන කුඩා වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
මෙම වෛරසයෙන් බැටකන බ්‍රසීලය පවසන්නේ වෛරසය පැතිරීම ඇරඹි පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙවැනි අසාමන්‍ය හිසක් සහිතව උපත ලැබූ දරුවන්ගේ සංඛ්‍යාව 4,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, මේ වනවිට බ්‍රසීලය හදිසි අවස්ථාවක පසුවන බව කියැවෙයි.