මදුරුවන්ගෙන් පැතිරෙන සිකා වෛරසය හා සම්බන්ධ සිදුවිම් තුනක් ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, අහ්මදාබාද් නගරයෙන් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ මෙම වෛරසය සම්බන්ධ සිදුවීම් තුනක් ගැන එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ද තහවුරු කළ බවයි.
ගුජරාට් බලධාරීන්ට අනුව 2016 නොවැම්බර් සහ 2017 පෙබරවාරි කාල වලදී මෙම සිදුවීම් වාර්තා වී ඇත.
සිකා වෛරසය හේතුවෙන් දරු උපත් කෙරෙහි සිදුවන බලපෑම රටවල් 30කින් පමණ වාර්තා වූ අතර, එහිදී, හිස කුඩා වෙමින් දරුවන්ගේ මොළයේ වර්ධනය අවම කරන තත්ත්වය ප්‍රධාන ලක්ෂණය විය.
මෙම වෛරසය ප්‍රධාන වශයෙන් මදුරුවන් හේතුවෙන් පැතිරුණද, ලිංගික සංසරණයද වෛරසය පැතිරීමට හේතුවක් බව කියවුණි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ සිකා වෛරසය සම්බන්ධ සිදුවිම්වලදී එරට රජය විසින් එම තොරතුරු හිතාමතා වසන් කර ඇති බවටද චෝදනා පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
