සිංගප්පූරුවේ සිට බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයන් අට දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි පසුගිය මාර්තු මාසයේදී මෙම ත්‍රස්ත ප්‍රහරය සඳහා එක්වී ඇති අතර, ඔවුන් බංග්ලාදේශ ඉස්ලාම් රාජ්‍ය ලෙස සිය සංවිධානය නම් කරගෙන තිබේ.
වයස අවුරදු 26 - 34ත් අතර වයස්වල පසුවන්නන් මෙහි වෙති.
තම අසල්වැසි රටවල පැතිරෙමින් පවතින ජිහාඩ් අන්තවාදය සම්බන්ධයෙන් සිංගප්පූරුව දැඩි අවධානයකින් පසුවන අතර, පසුගිය ජනවාරි මාසයේදීද බංග්ලාදේශ ජාතිකයන් 27 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන්ට සහාය දැක්වූ බවට චෝදනා කරමින් ඔවුන් එරටින් පිටුවහල් කර තිබුණි.