සිංගප්පූරු රජයේ සේවකයන්ගේ රාජකාරී පරිගණකවලින් අන්තර්ජාලයට පිවිසීම ලබන වසරේ මැයි මස සිට සම්පූර්ණයෙන් අත්හිටුවන බව කියයි.
රාජකාරී ඉමේල් සහ ලිපිගොනුවල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස එරට රජය විසින් මෙම පියවර ගැනීමට කටයුතු කරන බව එරට මාධ්‍ය කියයි.
එමෙන්ම, රජයේ සේවකයන්ගේ පෞද්ගලික ගිණුම් තුළින් රාජකාරී ලිපිගොනු හුවමාරු කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරෙණු ඇති බවද බලධාරීන් පවසා තිබේ.
කෙසේ වෙතත්, සිංගප්පූරුව වෙත විශේෂයෙන් හඳුන්වා දුන් ජාතික ස්මාට් තාක්ෂණ වැඩපිළිවෙළ මෙම තහනම හරහා පසුගාමී වන බවට චෝදනාවක් නැඟෙයි.