තමන් වෙත අධිකරණ විනිසුරුවන් නම්මවා ගැනීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනා මත ප්රංශයේ හිටපු ජනාධිපති නිකොලාස් සාර්කෝස් එරට පොලිසිය විසින් ප්රශ්න කරනු ලැබිණි.
මෙම පරීක්ෂණයට අදාළව හිටපු ජනපති නිකොලාස් සර්කෝසිගේ නීතීඥයෙකු සහ මහේස්ත්රාත්වරුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වුණු පරීක්ෂණයක රහස් තොරතුරු විත්ති පාර්ශ්වයට ලබාදීම සහ එහි විනිසුරුවන් හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී කරවා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එක් විනිසුරුවරයෙකු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
තමා කිසිදු වරදක් කර නොමැති බව පවසන හිටපු ජනපති නිකොලාස් සර්කෝසි මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ දේශපාලන අරමුණු මත තමා ඉලක්කයක් වී ඇති බවයි.