ස්වීඩනයේ තරුණ සරණාගත කඳවුරක 22 හැවිරිදි සේවිකාවක පිහි ඇණුමකින් ඝාතනය කිරීමේ සිද්ධිය ඇදහිය නොහැකි අපරාධයක් බව එරට අග්රාමාත්යවරයා පවසා තිබේ.
ස්වීඩන අග්රාමාත්ය ස්ටෙෆාන් ලොෆ්වෙන් සිද්ධිය වූ කඳවුරට ගොස් ඇති අතර, වයස අවුරුදු 15ක තරුණයෙකු මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අග්රාමාත්යවරයා පෙන්වා දෙන්නේ මෙම සිදුවීමත් සමග සරණාතයන් සම්බන්ධයෙන් ස්වීඩන ජනතාව දෙවරක් සිතනු ඇති බවයි.
යුරෝපය වෙත වැළ නොකැඩී පැමිණෙන සංක්රමණිකයන් අතර සිටින තරුණයන් එරටට ගැනීම තුළ මෙවැනි සිදුවීම් තවදුරටත් ස්වීඩනය තුළ ඇතිවේවි යැයි සාධාරණ සැකයක් හා බියක් තම ජනතාව තුළ ඇතිවිය හැකි බවද අග්රාමාත්යවරයා අවධාරණය කර තිබේ.