ස්පාඤ්ඤ ගොන්පොර වළල්ලක් තුළදී ගොනෙකුගේ පහරදීමක් හේතුවෙන් ගොන්පොරකරුවා ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් ගොන්පොර වළල්ලකදී ගොනා වෙහෙසට පත්කිරීමෙන් හා උගේ පිට මැදට උල් කටුවලින් ඇණීමෙන් එම සතා ජීවිතක්ෂයට පත්කිරීමක් සාමාන්‍යයෙන් සිදුවන අතර, එසේ ගොනෙකු වෙහෙසට පත්කර එම සතා මරාදමන මිනිසා ජයග්‍රාහකයා බවට පත්වෙයි.
කෙසේ වෙතත්, මෙසේ ගොන්පොර වළල්ලේදී එම සතුන්ට විඳීමට සිදුවන ක්‍රෑර වදහිංසන පිළිබඳව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙන්ම, සතුන්ට දයාව ඇති මිනිසුන් බොහෝ අවස්ථාවල හඬ නැගූවද මෙකී තරගවලට තිත තැබීමක් සිදුනොවීය.
එනමුදු, පසුගියදා වැලන්සියා හි පෙඩ්රෙගුවර් ගොන්පොර වළල්ලේදී 28 හැවිරිදි, ගොන්පොරකරු ගොනෙකුගේ පහරදීම නිසා ජීවිතක්ෂයට පත්විය.
මෙම ගොන්පොර එරට රූපවාහිනී නාලිකා තුළින් සජීවීව ප්‍රචාරය වීමෙන්ම, මෙම පුද්ගලගයා ජීවිතක්ෂයට පත්වන අවස්ථාවද සජීවී දසුනක් බවට පත්විය. මීට පෙර ස්පාඤ්ඤ ගොන්පොර වළල්ලකදී මනුෂ්‍යයෙකු ගොනෙකු විසින් මරා දමා තිබුණේ, වර්ෂ 1985 දීය.