තම කඳවුරේ සිටි හමුදා සොල්දාදුවන් පස් දෙනෙකුට වෙඩි තබා පළා ගිය හමුදා සොල්දාදුවා අල්ලා ගැනීමට සමත් වූ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
එක් තැනකට කොටුකර ඔහු අල්ලා ගැනීම සඳහා දකුණු කොරියානු ආරක්ෂක අංශ ඊයේ (22දා) දැවැන්ත මිනිස් දඩයමක් සිදු කළේය.
කෙසේ වෙතත්, ඔහු තම පපුවට වෙඩි තබා ගනිමින් සියදිවි හානිකර ගැනීමේ උත්සාහයක නිරත වීමේදී මෙසේ පොලීසියට කොටුවී ඇති බව පැවසෙයි.
ඉම් යන වාසගමින් පමණක් හඳුන්වා දී ඇති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහුව රෝහල්ගත කර ඇති බවත් දකුණු කොරියානු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම ප්රහාරයෙන් එක් සොල්දාදුවෙකු තුවාල ලබා ඇති අතර, ගැන්ග්වොන් ප්රාන්තයේ, ගොසෙඔන්ග් නගරයේදී මෙම සොල්දාදුවා හා ආරක්ෂක අංශ අතර ප්රබල වෙඩි හුවමාරුවක් සිදුවූ බවද ඊයේ වාර්තා විණි.
පසුගිය සෙනසුරාදා සවස මොහු මෙම විවෘත වෙඩි තැබීම සිදුකර තිබූ අතර, හමුදාවේ බරපතල පුහුණුවීම් ඉවසා ගැනීමට නොහැකිව මොහු මෙවැනි දෙයක් සිදුකරන්නට ඇති බවටද සැකයක් පවතී.
මෙවැනිම වෙඩි තැබීමක් මීට පෙරද දකුණු කොරියානු හමුදා අංශ වෙතින් වාර්තා වූ බව විදෙස් පුවත් සේවා පවසයි.