වර්තමානයේ දැඩි කතාබහට ලක්වෙන පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සරල ලේ පරීක්ෂණයක් මගින් හඳුනාගැනීම සිදුකළ හැකි නව ක්‍රමවේදයක් සඳහා විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
මෙම සරල ලේ පරීක්ෂණය අනුව ජාන බලපෑමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති කාන්තාවන් පවා පරීක්ෂාවට ලක් කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.
පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන් ගෙන් 10 % ක් ජාන මගින් පියයුරු පිළිකාවලට ගොදුරු වන අතර, ඉතිරි 90% කගේ රෝග කාරකය අපැහැදිලි තත්වයක පවතින බව කියැවෙයි.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් කොලේජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිළිකා අවදානමක් නොමැති කාන්තාවන්ගේ රුධිරයේ පවතින විශේෂ රටාවක් සොයා ගෙන ඇත.
ජානමය වශයෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති වුවත්, මෙසේ හඳුනා ගත් රුධිර රටාව සහිත කාන්තාවන්ට පිළිකාව වැළඳෙන බව ඔවුහු පවසති.
පිළිකා රෝග ලක්ෂණ මතු වීමට වසර දෙකකට පමණ පෙර රුධිර අනුවල වෙනස්කම් ඇති වීමට පටන් ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.
මෙම පරීක්ෂණ මෙහෙයවන ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව් ලෑම් පවසන්නේ සිය පරීක්ෂණය පියයුරු පිළිකා හඳුනා ගැනීම අතින් නව බලාපොරොත්තුවක් එකතු කරන්නක් බවය.