සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මධ්‍යධරණී මුහුරදේදී මෙම බෝට්ටුව පෙරළී ඇති බවත්, ඉන් දිවි ගලවාගත් පුද්ගලයන් 41 දෙනෙකු දකුණුදිග ග්‍රීක නගරයක් වන කලමාටා වෙත රැගෙන විත් ඇති බවත් පවසයි.
ඔවුන් පවසන පරිදි මෙම බෝට්ටුව පෙරළෙන අවස්ථාවේදී එහි පුද්ගලයන් 500කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට තිබේ.
කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් තොරතුරක් වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඉතාලි හා ග්‍රීක වෙරළාරක්ෂක භටයන්ද මෙවැනි අනතුරක් පිළිබඳ මෙතෙක් වාර්තා කර නොමැති අතර, මේ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයාබලමින් සිටින බව එම රටවල බලධාරීහු පවසති.