සමලිංගිකයන් සඳහා පුළුල් පිළිගැනීමක් රෝමානු කතෝලික පල්ලිය තුළ ලබාගැනීම වෙනුවෙන් වූ ලියවිල්ල බිෂොප්වරුන් විසින් ප්රතික්ෂේප කිරීම තුළ සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කතෝලික සංවිධාන කණස්සල්ලට පත්ව ඇති බව වාර්තා වෙයි.
පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ පවා මෙම සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සහාය පළ කරන වටපිටාවක, කතෝලික බිෂොප්වරුන්ගෙන් තුනෙන් දෙකක ඡන්ද ප්රමාණයක් එම ලියවිල්ල වෙනුවෙන් ලබාගැනීමට අපොහොසත් වී ඇති බව රෝමයෙන් වාර්තා වෙයි.
ඒ අනුව, එම අවසන් වාර්තා මගින් සමලිංගිකයන් විවේචනය කිරීම පමණක් වළක්වා ඇති අතර, දික්කසාදය සම්බන්ධයෙන් වූ ලියවිල්ලක්ද මෙහිදී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.
දෙසතියක් තිස්සේ පැවති දුෂ්කර සාකච්ඡාවලින් පසුව මෙම ලියැවිලි ඉදිරිපත් වුවත්, ඒවායේ වූ ඇතැම් වගන්ති මතභේදයට ලක්වී ලක්වීම තුළ මෙම සම්මතය නොලැබී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට රෝමානු කතෝලික පූජක සභාව නැවත රැස්වන්නේ වසරකිනි.