චීනය 2018 අගභාගයේදී සඳ මත රෝවර් යානයක් ගොඩබැස්සවීමේ මෙහෙයුමෙහි පෙර සූදානමක් ලෙස එහි ප්‍රථම චන්ද්‍රිකාව ඊයේ (21දා) අභ්‍යවකාශගත කර තිබේ.
ක්වේකිඕ යනුවෙන් නම් වන මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශයේ රැඳෙමින් පෘථිවිය හා සඳ මත ගොඩබසින රෝවර් යානය අතර සන්නිවේදන කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.
චේන්ජ් 4 යනුවෙන් හැඳින්වෙන මෙම රෝවර් යානය ඉදිරි මාස 06ක කාලය තුළ සඳ මතුපිටට යැවීමට චීනය සූදානම් වන බව සඳහන් වේ.
ඒ අනුව, ඊයේ අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව චීන වේලාවෙන් අලුයම 05.28 ට පමණ ෂීචැන්ග් අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට උඩුගුවන වෙත ගමන් ඇරඹූ බව චීන මාධ්‍ය වාර්තා පවසයි.
මෙම චන්ද්‍රිකාව පෘථිවියේ සිට කිලෝමීටර් 455,000ක් දුරින් කක්ෂගත වෙමින් ගමන් කරනු ඇති බවද සඳහන් වේ.