ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් සිය දිවියෙන් සමුගෙන වසර 10කට අධික කාලයක් ගත වුවත්, ඔහු එක් පුද්ගලයෙකුගේ ජීවිතයක් කෙරෙහි සුවිශාල බලපෑමක් සිදුකරමින් පවතින බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මීට වසර 25කට පෙර තමාට ඉරාක නායකයාගේ නමම තැබීම ගැන තම සියාට දොස් නොපරවන බව නාවික ඉංජිනේරුවෙකු වීම සඳහා අධ්‍යාපනය ලැබූ ඉන්දීය ජාතික සදාම් හුසේන් පවසයි.
හිටපු ඉරාක නායකයාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමේදී Saddam Hussein ලෙස සඳහන් වුවත්, මෙම ඉන්දීය ජාතිකයාගේ නම Saddam Hussain ලෙස එක් ඉංග්‍රීස් අක්ෂරයක වෙනසක් පැවතියත් ඔහුට සිය ජීවිත කාලය තුළදී මෙම නම නිසාම රැකියා අවස්ථා 40ක් පමණ මගහැරුණු බවද සඳහන් වෙයි.
ඔහු පවසන්නේ තමා රැකියාවක් බලාපොරොත්තුවෙන් යන සෑම අවස්ථාවකම තම නම ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ ඇස් උඩයන බවයි.
මේ නිසාම සජීද් ලෙස සිය නම වෙනස්කර ගැනීමට මොහු අද සූදානම් වන අතර, එයද නීත්‍යනුකූලව තවමත් සිදු නොවීම ගැන ඔහු කණස්සල්ලෙන් පසුවෙයි.