ලෝකයේ සත්වෝද්‍යානයක සිටින වයස්ගතම හිපපොටේමස් ලෙස සැලකෙන පිලිපීනයේ බෙර්තා අවුරුදු 65ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මැනිලා සත්වෝද්‍යානයේ වැඩිම කාලයක් රැඳී සිටි සත්වයා ලෙසත බෙර්තා හිපෝ සැලකෙන අතර, වර්ෂ 1959 දී ඇය මෙම සත්වෝද්‍යානය වෙත රැගෙන එනවිට වයස අවුරුදු 7ක් පමණ වූ බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
සාමාන්‍යයෙන් හිපපොටේමස් සත්වයෙකුගේ ආයු කාලය අවුරුදු 40 ත් - 50ත් අතර වන බවද පැවසෙයි. කෙසේ වෙතත්, බෙර්තාගේ වයස සනාථ කිරීම සඳහා සත්වෝද්‍යානය තුළ ලිඛිත සාක්ෂි නොපවතින බවද කියයි.
තණකොළ, පලතුරු මෙන්ම පාන් කෑමට බෙර්තා පුරුදුව සිටි බවත්, මේ වනවිට එහි වැඩිම කාලයක් රැඳී සිටින සත්වයා බවට 43 හැවිරිදි මාලි ඇතින්න පත්වන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.